Ansicht auf ein Gebäude mit der Aufschrift „Jobcenter“ © Goethe-Institut


රැකියා බලපත්‍රය

ඔබ යුරෝපීය සංගමයෙන් හෝ යුරෝපීය ආර්ථික ප්‍රදේශයෙන් නොවේද? එවිට ඔබට ජර්මනියේ රැකියා බලපත්‍රයක් අවශ්ය වේ. ඔබගේ පදිංචිය බලපත්‍රයේ සඳහන් වන්නේ ඔබට ජර්මනියේ වැඩ කළ හැකිද සහ කොපමණ ප්‍රමාණයක්ද යන්නයි.

සහතික සහ පිළිගැනීම්

ඔබේ මව් රටේ දී ඔබ වෘත්තිය සුදුසුකමක්, උපාධියක් හෝ පාසල් හැරයාමේ සහතිකයක් ලබා ගෙන තිබේ නම් ඒවායේ නිර්ව්‍යාජත්වය සහතික කළ ජර්මන් පරිවර්තන මෙරට බලධාරීන්ට ඉදිරිපත් කිරීමට අවැසි වේ .
ඇතැම් සුදුසුකම් ජර්මනියේදී වැදගත් නොවිය හැක. ඒමට පෙර ඔබේ රටේදීම එම සුදුසුකම් වල පිළිගැනීම සනාථ කරගත හැකිය. “Anerkennung in Deutschland” වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැක. 


Ein Mann bedient die Anerkennung in Deutschland Webseite auf einem Tablet © Goethe-Institut

රැකියා පුරප්පාඩු

 ඔබට රැකියා බලපත්‍රයක් තිබේද ? එසේනම් ඔබට රැකියාවක් සොයා යාමට පුළුවන. රැකියා බහුලය. අන්තර්ජාලයේ හෝ පුවත්පත්වල දැන්වීම් පළ කිරීමෙන් හෝ රැකියා නියෝජිතායතන හෝ රැකියා    මධ්‍යස්ථාන  ඔස්සේ රැකියා සොයා ගැනීමට පුළුවන. පුවත්පත් ඔස්සේ ලැබෙනුයේ ප්‍රාදේශීය රැකියා පමණි. එහෙත් එම රැකියා අවස්ථා නැවුම්ය. රැකියා මාධ්‍යස්ථානය විසින් ඔබට සුදුසු රැකියාව ගැන උපදෙස් ලබා දෙයි. සමාගම් වෙත කෙලින්ම යොමුවී රැකියා සොයාගත හැකිය.මක්නිසාද යත්ය ඔවුනට ඇති පුරප්පාඩු පුවත්පත් වල හෝ අන්තර්ජාලයේ ප්‍රචාරය නොකොට පවතින බැවිනි. සමහර විටක එකී සමාගමේ වෙබ් පිටුවේ ඔවුන්ගේ පුරප්පාඩු පලකොට තිබේ.

රැකියා ඒජන්සිවල  වෘත්තීය උපදේශකත්ව මධ්‍යස්ථාන  BIZ ද තිබේ. ඇබෑර්තු දැන්වීම් එම ස්ථාන වලද ප්‍රදර්ශනය කර තිබේ. ඔවුන්ගේ වෙබ් පිටුවෙහි ද ඔබේ දැන්වීම පල කළ හැකිය. BIZ මධ්‍යස්ථානය ද වෘත්තීය උපදේශකත්වය ලබා දෙයි.

Ein Mann liest Zeitung und sucht nach Stellenangeboten. © Goethe-Institut

අයැදුම් කිරීම

රැකියා වෙළඳපොළ ට ඔබ තබන ප්‍රථම පියවර ඔබේ අයදුම් පතයි. එහි අමුණා ඇති ලියවිලි ඉතා වැදගත් ය. ඔබගේ ඡායාරූපයක්, ඇතුළත් මනා ලෙස සැකසූ ජිව තොරතුරු පත්‍රිකාවක්, සහ සේවායෝජකයා අමතන ආවරණ ලිපියක් අයැදුම් පත සමඟ ඉදිරිපත් කළ යුතු අතර සියල්ල ජර්මන් බසින් විය යුතු ය. “ජර්මනියේදී රැකියා සොයා ගැනීම” යන මැයෙන් BIZ මධ්‍යස්ථානය විසින් වැඩමුළු පවත්වයි. එහිදී රැකියා අයදුම් පතක් කෙබඳු විය යුතුද? සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්නේ කෙසේ ද ? ආදී වැදගත් උපදෙස් ඔබට ලැබේ.
බොහෝ නගර වල සංක්‍රමණිකයන් සඳහා උපදෙස් පන්ති පැවත් වේ. ඔවුන් ද ඔබට රැකියා සොයා දීමට උපකාර කරති. වයස 27 ට අඩු තැනැත්තන් වෙනුවෙන් විශේෂයෙන් “තරුණ සංක්‍රමණික සේවා” ජර්මනිය තුළ පවතී.

Eine Frau steht vor einem Passfotoautomaten. © Goethe-Institut

Video International Sign

නිතර ඇසෙන ප්‍රශ්න

ඔබට තවත් ප්‍රශ්න තිබේද? සම්බන්ධතා පෝරමය භාවිතා කර අපට ලියන්න. අපි ඔබේ ප්‍රශ්නය නිර්නාමිකව සංක්‍රමණ සේවා උපදේශකයින් වෙත යොමු කරන්නෙමු.

වැඩි විස්තර ලබාගැනීම සදහා